අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟින් ශ්‍රී ලංකාව පුරා සිටින අපූර්ව හැකියාවෙන් යුත් හපන්කම් තිබෙන ළමා බුද්ධිමතුන් එක්තැන් කරමින් ඔබ වෙත ගෙන එන රූපවාහිනී වැඩසටහනයි හිරු නැණ කිරුළ සෑම සතියකම වයස අවු 9-13 අතර ළමා බුද්ධිමතුන් ජයග්‍රහණයේ එකම අරමුණක් වෙනුවෙන් තරඟවදින රියැලිටි ටෙලිවිෂන් වැඩසටහනක් ලෙස මෙය පැවැත්වේ.

තරඟයෙන් සොයායන්නේ ශ්‍රී ලංකාවේ සිටින අසාමාන්‍ය බුද්ධියක් ඇති දරුවන්වයි. මෙම වැඩසටහන ශ්‍රී ලාංකේය අපගේ බලාපොරොත්තුව වන මීළඟ පරම්පරාවේ අධ්‍යාපනික තත්වයට අනුප්‍රාණයක් ලබාදෙමින් ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවන්නට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි.

වයස අවුරුදූ 9 ත් 13ත් අතර ඔබේ දරුවා මානසික ශක්තියෙන් ඔබව නිරන්තරයෙන් පුදූමයට පත්කරවනවානම් අපි සූදානම් අධ්‍යාපනික දක්ෂතාවයන් වෙනුවෙන් ඔවුන්ට ලබාදිය යුතු හිරු නැණ කිරුළ ප්‍රණාමය පුදදෙන්න
උත්කෘෂ්ඨ සහජ බුද්ධියට පිදෙන හිරු උත්තමාචාරය

හිරු නැණ කිරුළ
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top